Google One අමතර සේවා නියම
බලාත්මකයි: 2021 නොවැම්බර් 9 |ඔබ Google One සැලසුම් කළමනාකරු හෝ Google One බෙදා ගන්නා පවුලේ කණ්ඩායමක කොටසක් හෝ සාමාජික නොවන පරිශීලකයෙක් හෝ වූවත්, Google One භාවිත කිරීමට, ඔබ (1) Google සේවා නියම, සහ (2) මෙම Google One අමතර සේවා නියම (“Google One අමතර නියම”) පිළිගත යුතු ම ය.
මෙම එක් එක් ලේඛනය ම පරීක්ෂාකාරීව කියවන්න. එක්ව, මෙම ලේඛන “නියම” ලෙස හැඳින්වේ. මේවා ඔබට අපගේ සේවාවලින් අපේක්ෂා කළ හැකි දෙය සහ අපි ඔබෙන් අපේක්ෂා කරන දෙය ස්ථාපිත කරයි.
ප්‍රංශය තුළ සිටින Google One පාරිභෝගිකයින් සඳහා හැර, මෙම Google One අමතර නියම Google සේවා නියම සමග ගැටෙන්නේ නම්, මෙම අමතර නියම මගින් Google One පාලන කෙරේ.
එය මෙම නියමවලට කොටසක් නොවන නමුත්, ඔබට ඔබේ තොරතුරු යාවත්කාලීන කිරීමට, කළමනා කිරීමට, නිර්යාත කිරීමට, සහ මැකීමට හැකි ආකාරය වඩා හොඳින් තේරුම් ගැනීමට අපි ඔබට අපගේ පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය කියවීමට පොලඹ කරන්නෙමු.
1. Google One හි සාමාන්‍ය විස්තරය
Google ඔබට Google සේවා සහ සහය සඳහා ගමනාන්තයක් සැපයීම, ත්‍යාග සහ දීමනා සැපයීම, සහ නව විශේෂාංග සහ නිෂ්පාදන සොයා ගැනීම සඳහා Google One ලබා දී ඇත. Google One විශේෂාංගවලට Google Drive, Google ඡායාරූප, සහ Gmail අතර ගෙවුම් ආචයන සැලසුම්, නිශ්චිත Google නිෂ්පාදන සඳහා පාරිභෝගික සහය, පවුලේ බෙදා ගැනීමේ විශේෂාංග, ජංගම උපස්ථය සහ ප්‍රතිසාධනය, සහ Google විසින් හෝ තෙවන පාර්ශව හරහා ඔබට දෙනු ලබන වෙනත් ප්රතිලාභ ඇතුළු විය හැක. ඔබේ අතිරේක Google නිෂ්පාදන හෝ සේවා භාවිතය එවැනි නිෂ්පාදන හෝ සේවා සඳහා අදාළ වන සේවා නියම මගින් පාලන කරනු ලබයි. සමහර නිෂ්පාදන, විශේෂාංග, සහ ප්රතිලාභ සියලු ම රටවල නොතිබිය හැක. වැඩිදුර තොරුතුරු සඳහා Google One උදවු මධ්‍යස්ථානය වෙත පැමිණෙන්න.
2. ගෙවුම් ගිණුම් - ගෙවීම, ග්‍රාහකත්වය, සහ මුදල් ආපසු ගෙවීම්
ගෙවීම්. Google One සාමාජිකත්වයක් මිලදී ගැනීමට, උත්ශ්‍රේණි කිරීමට, අවශ්‍රේණි කිරීමට, හෝ අවලංගු කිරීමට හැක්කේ Google One සැලසුම් කළමනාකරුවන්ට පමණයි. Google විසින් Google Payments ගිණුමක් හෝ මිලදී ගැනීමට පෙර සඳහන් කරන ලද වෙනත් කිසියම් ගෙවීමේ ආකාරයකින් ගෙවීම පිළිගනු ලැබේ.
ග්‍රාහකත්වය අවලංගු කිරීම. Google Payments ඔබ Google One සාමාජිකත්වය සඳහා ලියාපදිංචි වන දිනයේ සිට ගෙවීම ස්වයංක්‍රීයව ලබා ගන්නා අතර Google One වෙත ඔබේ ග්‍රාහකත්වය අවලංගු කෙරෙන තෙක් ස්වයංක්‍රීයව අලුත් කරයි. ඔබට ඕනෑම වේලාවකදී අවලංගු කළ හැක. ඔබ ඔබේ ග්‍රාහකත්වය අවලංගු කරන්නේ නම්, ඔබේ දැනට පවතින ග්රාහකත්වයෙහි ඉතිරි කාලය සඳහා ඔබ Google One වෙත ප්‍රවේශය රඳවා ගනියි. අමතරව, ඔබ සේවය මැකීම ඔස්සේ Google One මකා දැමීමට තෝරා ගන්නේ නම්, ඔබේ පවතින ග්රාහකත්වයෙහි ඉතිරි කාලය සඳහා මුදල් ආපසු ගෙවීමෙන් තොරව, Google One සේවා සහ කාර්ය සඳහා වූ ප්‍රවේශය ඔබට වහාම අහිමි විය හැකි බවට ඔබ එකඟ වන්නේය. ඔබ ඔබේ ග්රාහකත්වයෙහි කාලය සඳහා Google One සේවා රඳවා ගැනීමට ඔබ කැමති නම්, Google One මකා දැමීම වෙනුවට ඔබේ ග්‍රාහකත්වය අවලංගු කරන්න.
ඉවත් වීමේ අයිතිය. ඔබ යුරෝපා සංගමය හෝ එක්සත් රාජධානිය තුළ සිටින්නේ නම්, ඔබට කිසිම හේතුවක් නොදී ඔබේ Google One සාමාජිකත්වය සඳහා ලියාපදිංචි වීමේ, උත්ශ්‍රේණි කිරීමේ හෝ අලුත් කිරීමේ සිට දින 14 ක් තුළ අවලංගු කිරීමේ අයිතිය ඇත. ඉවත් වීමේ අයිතිය භාවිත කිරීමට, ඔබ මිලදී ගැනීම කළ සැපයුම්කරු වෙත ඒකාර්ථික ප්‍රකාශයකින් ඔබේ ඉවත් වීමේ තීරණය සන්නිවේදන කළ යුතු ම ය.
මුදල් ආපසු ගෙවීම්. මුදල් ආපු ගෙවීමේ අමතර අයිතිවාසිකම් සඳහා, Google Play හෝ ඔබ මිලදී ගැනීම කළ සැපයුම්කරු වෙතින් ලැබෙන අදාළ ප්‍රතිපත්තිය බලන්න. ඔබ Google වෙත්නි මිලදී ගත්තේ නම්, අදාළ නීතියෙන් අවශ්‍ය කරන පරිදි හැර මුදල් ආපසු ගෙවීම් හෝ පාර්ශ්වික බිල්පත් කාලසීමා නොලැබේ. ඔබ ඔබේ iPhone හෝ iPad භාවිත කර මෙන් Google හැර තැනකින් මිලදී ගත්තේ නම්, හෝ App Store හෝ වෙනත් තෙවන පාර්ශ්ව සැපයුම්කරු හරහා Google One සාමාජිකත්වයකට ලියාපදිංචි වූයේ නම්, සැපයුම්කරුගේ මුදල් ආපසු ගෙවීමේ ප්‍රතිපත්තිය යෙදේ. මුදල් ආපසු ගෙවීමක් ඉල්ලීමට, ඔබ (Apple සහය වැනි) එම තෙවන පාර්ශවය සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය වෙයි.
මිල කිරීම්වල වෙනස් කිරීම්. අපි බලපාන Google One මිල වෙනස් කළ හැකි නමුත් එවැනි වෙනස්කම්වලට පෙර ඔබට දන්වන්නෙමු. ඔබේ වත්මන් ගෙවීමේ කාලසීමාව සම්පූර්ණ වී ඔබෙන් ඊළඟ ගෙවීම අය විය යුතු විට දැනුම්දීමෙන් පසු මෙම වෙනස්කම් යෙදෙයි. ඔබෙන් අය කිරීමට පෙර දින 30කටවත් පෙර අපි මිල වැඩි වීමක් ගැන ඔබට දැනුම් දෙමු. ඔබට දින 30කට අඩු පෙර දැනුම් දීමක් දෙනු ලබන්නේ නම්, ඊළඟ ගෙවීම නියමිත වන තෙක් වෙනස නොයෙදෙයි. ඔබ නව මිලට Google One සමග ඉදිරියට යාමට අකමැති නම්, ඔබට ඔබේ Google Play, Apple, හෝ තෙවන පාර්ශ්ව ග්රාහකත්ව සැකසීම් තුළින් ඕනෑම වේලාවකදී අවලංගු කිරීමට හෝ අවශ්‍රේණි කිරීමට හැකි වෙයි. අදාළ ගෙවීම් වේදිකා නියම තුළ වෙනස් ආකාරයේ සකසා තිබේ නම් මිස, ඔබේ අවලංගු කිරීම හෝ අවශ්‍රේණි කිරීම වත්මන් සේවා කාලයෙන් පසු ඊළඟ බිල්පත් කාලසීමාවට යෙදේ. මිල වැඩි වන අතර අනුමැතිය අවශ්‍ය වන අවස්ථාවේදී, ඔබ නව මිලට එකඟ වන්නේ නම් මිස ඔබේ ග්‍රාහකත්වය අවලංගු කරනු ලැබිය හැක. ඔබේ දායකත්වය අවලංගු වී පසුව ඔබ නැවත දායක වීමට තීරණය කළහොත්, ඔබෙන් වත්මන් දායකත්ව ගාස්තුවෙන් අය කරනු ලැබේ.
3. පාරිභෝගික සහය
Google One ඔබට Google නිෂ්පාදන සහ සේවා රාශියක් අතරින් පාරිභෝගික සහය ('පාරිභෝගික සහය') වෙත ප්‍රවේශය දෙයි. පාරිභෝගික සහය ඔබේ සහය ඉල්ලීම සම්බන්ධයෙන් ඔබට සහය විය නොහැකි අවස්ථාවේදී, අපි අදාළ Google නිෂ්පාදනයේ පාරිභෝගික සහය සේවය වෙත ඔබව මාරු කරමු, නැති නම් ප්රතියොමු කරමු. ඉල්ලන ලද නිශ්චිත Google නිෂ්පාදනයක් හෝ සේවාවක් සඳහා Google One පාරිභෝගික සහය දෙනු නොලබන අවස්ථා මෙයට ඇතුළත් වේ. ඔබේ Google One ග්‍රාහකත්වය අවලංගු කරන්නේ නම් හෝ අත්හිටුවා ඇතිනම්, ඔබේ නොවිසඳුනු පාරිභෝගික සහය ගැටලු ද අත්හිටුවීමට ඉඩ ඇති අතර, ඔබ ඔබේ ග්‍රාහකත්වය පුනස්ථාපන කළ පසු ඔබට නව විමසුමක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය විය හැක.
4. සීමිත සාමාජික ප්රතිලාභ
Google One ඔබට වට්ටම් සහිත හෝ ගාස්තු නොමැතිව (“සීමිත සාමාජික ප්රතිලාභ”) අන්තර්ගතය, නිෂ්පාදන සහ සේවා සැපයිය හැක. රටට, සැපයුමට, කාලසීමාවට, සාමාජිකත්ව මට්ටමට, හෝ වෙනත් කාරණාවලට අනුව සීමිත සාමාජික ප්රතිලාභ සීමා කරනු ලැබිය හැකි අතර සියලුම සීමිත සාමාජික ප්රතිලාභ ලැබෙන්නේ සියලුම Google One ග්‍රාහකයින්ට නොවේ. සමහර සීමිත සාමාජික ප්රතිලාභ Google One සැලසුම් කළමනාකරු විසින් පමණක් මුදා ගනු ලැබිය හැකි අතර සමහර සීමිත සාමාජික ප්රතිලාභ ඔබේ පවුලේ කණ්ඩායමේ සාමාජිකයින් විසින් හෝ මුදා ගැනීම ක්‍රියාත්මක කරන පවුලේ පළමු සාමාජිකයා විසින් පමණක් මුදා ගත හැකි විය හැක. සමහර සීමිත සාමාජික ප්රතිලාභ ළමයින් සහ නවයොවුන් සඳහා වන Google ගිණුම්වලින් හෝ අත්හදා බැලීමේ පරිශීලකයින් විසින් මුදා ගනු ලැබිය නොහැක. වෙනත් සුදුසුකම් නිර්ණායක ද යෙදිය හැක.
අපි ඔබට Google One හරහා සීමිත සාමාජික ප්රතිලාභ වශයෙන් ඔවුන්ගේ සේවා හෝ අන්තර්ගතය සැපයීමට තෙවන පාර්ශව සමග වැඩ කළ හැක. තෙවන පාර්ශ්වයක් විසින් සපයනු ලබන සීමිත සාමාජික ප්‍රතිලාභයක් මුදා ගැනීම සඳහා, Google පෞද්ගලිකත්ව ප්‍රතිපත්තියට අනුකූලව, ඔබේ මුදා ගැනීම සැකසීමට අවශ්‍ය ඕනෑම පුද්ගලික තොරතුරක් Google විසින් තෙවන පාර්ශවයට සැපයීමට හැකි බව ඔබ පිළිගනියි. ඔබ විසින් ඕනෑම තෙවන පාර්ශව සීමිත සාමාජික ප්‍රතිලාභයක් භාවිත කරනු ලැබීම, එම තෙවන පාර්ශවයේ සේවා නියම, බලපත්‍ර ගිවිසුම, පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති හෝ වෙනත් එවැනි ගිවිසුම් මගින් පාලන කරනු ලැබිය හැක.
5. පවුල්
Drive, Gmail, ඡායාරූප ආචයන ඉඩ ඇතුළුව, Google One හි ඇතැම් විශේෂාංග, ඔබට තිබේ නම් ('පවුලේ බෙදා ගැනීම'), ඔබේ පවුලේ කණ්ඩායම සමග බෙදා ගත හැකි වෙයි. ඔබට දෙනු ලබන සීමිත සාමාජික ප්රතිලාභ ඔබේ පවුලේ කණ්ඩායමට ද ලැබීමටත් මුදා ගැනීමටත් හැකි වෙයි. ඔබේ පවුලේ කණ්ඩායම සමග එවැනි විශේෂාංග බෙදා ගැනීමට ඔබ කැමති නොවේ නම්, ඔබ Google One සඳහා පවුලේ බෙදා ගැනීම අබල කළ යුතු යි, නැතහොත් ඔබේ පවුලේ කණ්ඩායම හැර යා යුතු යි. Google One සැලසුම් කළමනාකරුවන්ට පමණක් පවුලේ සාමාජිකයින් එක් කිරීමට, සහ Google One සාමාජිකත්වයක, පවුලේ බෙදා ගැනීම සබල හෝ අබල කිරීමට හැකි වෙයි.
ඔබ Google One මත පවුලේ කණ්ඩායමක කොටසක් නම්, ඔබේ පවුලේ කණ්ඩායමෙහි සාමාජිකයින්ට ඔබ ගැන යම් තොරතුරු දැක ගැනීමට හැකි වෙයි. ඔබ Google One පවුලේ බෙදා ගැනීම සබල කර ඇති පවුලේ කණ්ඩායමකට එක් වන්නේ නම්, පවුලේ කණ්ඩායමේ සෙසු සාමාජිකයින්ට සහ ආරාධිතයින්ට ඔබේ නම, ඡායාරූපය, ඉ-තැපැල් ලිපිනය, ඔබ උපස්ථ කර ඇති උපාංග, සහ Google Drive, Gmail, Google ඡායාරූප තුළ ඔබ භාවිත කරන ඉඩ ප්‍රමාණය දැක ගත හැකි වෙයි. සීමිත සාමාජික ප්‍රතිලාභයක් පවුලේ සාමාජිකයෙකු විසින් මුදා ගනු ලැබ තිබේ දැයි ද පවුලේ කණ්ඩායමේ සාමාජිකයින්ට දැක ගත හැකි වෙයි.
ඔබ ඔබේ පවුලේ කණ්ඩායමේ Google One සැලසුම් කළමනාකරු නම් සහ ඔබ පවුලේ බෙදා ගැනීම අබල කරන්නේ නම් හෝ ඔබේ පවුල් කණ්ඩායම හැර යන්නේ නම්, ඔබේ පවුලේ කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින්ට Google One වෙත ප්‍රවේශය අහිමි වෙයි. ඔබේ Google One සැලසුම් කළමනාකරු ඔබට පවුලේ බෙදා ගැනීම හරහා Google One වෙත ප්‍රවේශය ලබා දී තිබේ නම්, ඔබ ඔබේ පවුලේ කණ්ඩායම හැර යන්නේ නම්, හෝ ඔබේ Google One සැලසුම් කළමනාකරු පවුලේ බෙදා ගැනීම අබල කරන්නේ නම් හෝ පවුලේ කණ්ඩායම හැර යන්නේ නම් ඔබට Google One වෙත ප්‍රවේශය අහිමි වෙයි.
6. ජංගම උපස්ථය සහ ප්‍රතිසාධනය
සුදුසුකම් ලබන ජංගම උපාංග සහ ජංගම සැලසුම් සඳහා Google One ඔබට ඉහළ නංවන ලද දත්ත උපස්ථ සහ ප්‍රතිසාධන ('උපස්ථය සහ ප්‍රතිසාධනය') ක්‍රියාකාරීත්වය සැපයිය හැක. උපස්ථය සහ ප්‍රතිසාධනය භාවිත කිරීම සඳහා Google ඡායාරූප වැනි, අතිරේක යෙදුම් ස්ථාපන කිරීම සහ ක්‍රියාත්මක කිරීම අවශ්‍ය විය හැක. ඔබට Google One යෙදුම තුළ ඕනෑම වේලාවක ඔබේ උපස්ථ සහ ප්‍රතිසාධන විකල්ප වෙනස් කළ හැකි වෙයි. ඔබේ Google One සාමාජිකත්වය අත්හිටුවීම හෝ අවලංගු කිරීම සිදු වන්නේ නම්, Android උපස්ථ ප්‍රතිපත්තිවලට අනුකූලව, යම් කාලයකට පසුව උපස්ථය සහ ප්‍රතිසාධනය වෙත සුරකින ලද දත්තවලට ඔබට ප්‍රවේශය අහිමි විය හැක.
7. අනුග්‍රාහක සැලසුම්
Google One ඔබට ඔබේ ජාල සපයන්නා, අන්තර්ජාල සේවා සපයන්නා හෝ වෙනත් තෙවන පාර්ශවය වැනි Google නොවන අනුග්‍රහය දක්වන පාර්ශවයක් විසින් අනුග්‍රාහක සැලසුමක් හරහා (ඕනෑම අවස්ථාවකදී, 'අනුග්‍රාහක සැලසුමක්') පිරිනමනු ලැබිය හැක. අනුග්‍රාහක සැලසුම් සඳහා ලැබෙන ඕනෑම විශේෂාංගයක් හෝ ගාස්තුවක් ඔබේ අනුග්‍රහය දක්වන පාර්ශවය විසින් තීරණ කරනු ලබන අතර, Google One මිල කිරීමේ තොරතුරු සහ ඔබේ අනුග්‍රාහක සැලසුමේ නියම සඳහා ඔබ ඔවුන්ගේ සේවා නියම බැලිය යුතුය. ඔබට ඔබේ අනුග්‍රාහක සැලසුම ඔබේ අනුග්‍රාහක පාර්ශවය හරහා (ඒ අවස්ථාවේදී උත්ශ්‍රේණිය හෝ අවශ්රේණිය සඳහා වන ඔවුන්ගේ ගෙවීම් සහ ග්රාහකත්ව නියම යෙදේ), හෝ Google One වෙතින් සෘජුවම උත්ශ්‍රේණි හෝ අවශ්‍රේණි කිරීමේ විකල්පයක් තෝරා ගැනීමෙන් (ඒ අවස්ථාවේදී ඔබේ උත්ශ්‍රේණි හෝ අවශ්‍රේණි කිරීම වෙත මෙහි ගෙවීම් සහ ග්රාහකත්ව නියම යෙදේ) උත්ශ්‍රේණි හෝ අවශ්‍රේණි කළ හැකි වෙයි. අනුග්‍රාහක සැලසුමක් හරහා Google One වෙත ඔබට ඇති සුදුසුකම් සහ අඛණ්ඩ ප්‍රවේශය අනුග්‍රාහක පාර්ශවය විසින් තීරණය කරනු ලබන අතර, ඔබේ අනුග්‍රාහක සැලසුම ඕනෑම අවස්ථාවක දී අනුග්‍රාහක පාර්ශවය විසින් අත්හිටුවනු ලැබීමට හෝ අවසන් කරනු ලැබීමට හැකි ය.
8. පෞද්ගලිකත්වය
මෙම නියමවල විස්තර කර ඇති පරිදි Google පෞද්ගලිකත්ව ප්‍රතිපත්තියට අනුකූලව, ඔබට Google One සැපයීම සඳහා Google ඔබ සපයා ඇති තොරතුරු එකතු කර භාවිත කරයි. Google One සේවා සැපයීම, ඔබේ ගනුදෙනු සැකසුම් කිරීම හෝ Google One නඩත්තු කිරීම සහ වැඩි දියුණු කිරීම සඳහා අපි ඔබේ Google One භාවිතය පිළිබඳ තොරතුරු එකතු කර භාවිත කළ හැක. Google One වැඩි දියුණු කිරීම සඳහා හෝ ඔබට ප්රතිලාභ සැපයීම, හෝ Google One අලෙවි කිරීම සඳහා ඔබ වෙනත් Google සේවා භාවිත කිරීම පිළිබඳ තොරතුරු ද අපි භාවිත කළ හැක. ඔබට myaccount.google.com තුළ ඔබේ Google ක්‍රියාකාරකම් එකතු කිරීම සහ භාවිතය පාලනය කළ හැක.
තෙවන පාර්ශව සීමිත සාමාජික ප්රතිලාභ සඳහා, ඔබේ සුදුසුකම, හෝ ඔබ මුදා ගැනීම, හෝ අනුග්‍රාහක සැලසුමක් හෝ අත්හදා බැලීමේ සාමාජිකත්වයක් සඳහා ඇති ඔබේ සුදුසුකම් තීරණ කිරීම ඇතුළුව, Google One සැපයීම සඳහා අවශ්‍ය වන පරිදි, අපි ඔබ ගැන යම් තොරතුරු තෙවන පාර්ශව සමග බෙදා ගත හැක. ඔබේ පවුලේ කණ්ඩායමේ Google One තත්ත්වය සහ ග්‍රාහකත්වය පිළිබඳ තොරතුරු සැපයීම සඳහා අපි ඔබේ පවුලේ කණ්ඩායම සමග ඔබ පිළිබඳ තොරතුරු බෙදා ගත හැක.
ඔබේ Google One භාවිතය සම්බන්ධයෙන්, අපි ඔබට සේවා නිවේදන, පරිපාලන පණිවුඩ, සහ වෙනත් තොරතුරු යැවිය හැක. ඔබේ සීමිත සාමාජික ප්රතිලාභ සමග ආශ්රිත ඉ-තැපැල් සහ උපාංග දැනුම්දීම් ද අපි ඔබට යැවිය හැක. ඔබට එම සමහර සන්නිවේදනවලින් ඉවත් විය හැක.
9. වෙනස්කම්
Google One වෙත වෙනස්කම් කිරීමේ අයිතිය අප සතු වන අතර, වැඩිපුර හෝ වෙනස් විශේෂාංග සැපයීම සඳහා Google One සංශෝධන කරනු ලැබිය හැක. Google One වෙත ඔබේ ග්‍රාහකත්වය එම ග්රාහකත්වයෙහි කාලයේ ඇති ආකාරය තුළ Google One සඳහා වන බවට ඔබ එකඟ වෙයි. ඉහත 2 වෙනි කොටස තුළ සකසා ඇති පරිදි, අපි Google One සඳහා කලින් කල වෙනස් නියම සහ මට්ටම් පිරිනැමිය හැකි අතර එම නියම හෝ මට්ටම් සඳහා වන ග්රාහකත්ව ගාස්තුව වෙනස් විය හැක.
10. අවසන් කිරීම
මෙම නියම කඩ කිරීම හේතුවෙන් ඇතුළුව, Google ඕනෑම අවස්ථාවකදී ඔබට Google One සැපයීම නැවැත්විය හැක. ඔබ අනුග්‍රාහක සැලසුමක සිටින්නේ නම්, ඔබේ අනුග්‍රාහක පාර්ශවය Google One වෙත ඔබේ ප්‍රවේශය අත්හිටුවීමට හෝ අවසන් කිරීමට හැකි ය. ඔබට සාධාරණ දැනුම්දීමෙන් අනතුරුව ඕනෑම වේලාවකදී Google One අත්හිටුවීමේ හෝ අවසන් කිරීමේ අයිතිය Google සතු ය.